The Angry Birds Movie(2016)

 

ඔන්න හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මම අද ආවේ. මම හිතන්නේ මේකේ නම අහපු දැකපු නැති කෙනෙක් නොවෙන තරම්. මොකද මේ Angry Bird කියන නම ලෝකයා මුලින්ම දැනගන්නේ මේ නමින් ආපු ගේම් එක නිසා. ඒ ගේම් එක කොච්චර ජනප්‍රිය වුනාද කියලා හිතාගන්න පුලුවන්නේ කට්ටියට චිත්‍රපටියක් කරන්න තරම්. මමනම් හිතන්නෙ ඒ ගේම් එක සෙල්ලම් කරපු කෙනෙක් නැති තරම්. ගේම් එක සෙල්ලම් කරපු අය දන්නවා ඇතිනේ ගේම් එකේ මොකක්ද වෙන්නෙ කියලා. හරි එහෙමනම් අපි මේකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

කතාවේ නායකයා වෙන්නේ "රෙඩ්" කියලා හදුන්වන වැඩිපුර තරහ යන කුරුල්ලෙක් මේ කුරුලු දූපතේ ඉන්න කුරුල්ලන්ට පියාඹන්න බැහැ. රෙඩ් ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක් ඒ නිසාම එයා ජීවත් වෙන්නෙත් අනිත් අයගෙන් ඈත් වෙලා කවුරුත් මෙයාව ගනන් ගන්නෙ නැහැ හුදකලා ජිවිතයක් තමයි ගත කරන්නේ. ඔය අතරේ තමයි මේ කුරුලූ දූපතට අමුත්තෝ වගයක් එන්නෙ. කුරුලු දූපතේ අයත් එයාලව උඩින්ම පිලිගන්නවා. ඒත් මේ අමුත්තෝ ආවේ මොකටද කියලා කුරුලු දූපතේ අයට තේරුම් යනකොට පරක්කු වැඩියි. ඒත් රෙඩ් දැනගෙන හිටියා මෙයාලා අපේ දූපතට ආවේ හොදකටනම් නෙමෙයි කියලා. නමුත් රෙඩ් කියපු දේ කුරුලු දූපතේ අය මුලින්ම ඇහුවේ නැති නිසා හැමෝටම දුක් වෙන්නෙ සිද්ධ වෙනවා. අන්තිමට හැමෝටම රෙඩ්ගේ උදව් අවශ්‍ය වෙනවා. කවුද මේ ආපු අමුත්තෝ? මොකටද ආවෙ? රෙඩ් මොකද කරන්නේ? මේවට උත්තර ඔනිනම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

ගේම් එක සෙල්ලම් කරපු අයටනම් ගොඩක් හුරුපුරුදු angry birdsලා සෙට් එකම ඉන්නවා මේ චිත්‍රපටියෙත්. විශේෂයෙන්ම කැටපෝලය එහෙම තියෙනවා. ගේම් එකේ වගේම මේ angry birdsලගේ වැඩකෑලි ඔක්කොම බලාගන්න පුලුවන් ඔයාලට. චිත්‍රපටිය එලිදකින්නේ 2016 මැයි 11 වෙනිදා. imdb 6.3 අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Box office: 337.4 million USD හිතාගන්න පුලුවන්නෙ චිත්‍රපටියේ සාර්ථකත්වය. අධ්‍යක්ෂණය කරන්නේ Fergal Reilly, Clay Kaytis යන දෙපල විසින්.

 


0 Comments:

Post a Comment